මෙලොව දියුණුවට සාර්ථක මග..02
ආටානාටිය සූත්‍රයෙන් ලෞකික සම්මා දිට්ඨියට
හෙළ බොදුමග යන සියලු දෙනාටම ඉතාම
වැදගත් වන ආටානාටිය සූත්‍රය ගැන ඇත්ත විමර්ශණයක් කරන්නයි මා මේ සූදානම් වෙන්නේ.. මෙතුලින්
සමහරෙකුට තම ජීවිතය සදා ආලෝකමත් කර ගැනීමට ඉවහල වන මහා දොරක යතුරක් අරගන්නත්
හැකියාව තියෙනවා.. හැකි නම් ගන්න.. බොහෝම සන්සුන්ව නිදහසේ මේ කතාව කියවාගෙන යන්න..
උඩින් පල්ලෙන් බැලුවොත් සැඟවුනු යතුර මග හැරෙන්නට පුලුවන්..
මේ
සුත්‍රය ඇතුලේ පුදුම සහගත සැඟවුනු
ඉතිහාස කතාවකුත්, ධර්ම
සිද්ධාන්තයකුත් ගැබ් වෙලා තියෙනවා. නමුත් එය කාලයේ සුනාමි වැලිතලාවෙන් යට වෙලයි තියෙන්නේ..
අපි ඒ යටවුනු සත්‍ය ප්‍රවේශමෙන් දැන් මතු කර ගමු.. මෙහි සැබෑව දකින්න නම් අපේ හිස
මත පටවාගෙන තිබෙන
සමහර මිත්‍යා මති මතාන්තර ටික මදකට බිමින් තියල ඉන්නම වෙනවා.. නැත්නම් සමහරුන්ට
යකා වැහිල මෙතන යකා නටන්නත් පුලුවන්.. ධර්මයත්, සංස්කෘතියත්, ඉතිහාසයත්, ආධ්‍යාත්මිකත්වයත් ආදි සියල්ලකම
සංකලනයකුයි මෙතන ගැබ්වී තියෙන්නේ..
හොඳයි, ගිජ්ජකූට නමින් එදා හෙළයේ ප්‍රකට වූ, පර්වත විහාරයෙහි බුදුපියාණන් වැඩ
වසන කාලයේ එක් දවසක්, එවකට ලක්දිව
කොටසේ වූ මහ රජවරු
හතර දෙනා ඇතුලු වගකිව යුත්තන් තම සේනාවන් ද
සමග බුදුරජුන් බැහැ දකින්නට
පැමිණියා. මොවුන් මෙසේ
පැමිණියේ යම් විශේෂ, ඉතා වැදගත්
කතිකාවක් සඳහායි. මොකද යක්ක ආදී අනෙකුත් ජාතිකයො
බෞද්ධයන්ට කරදර හිරිහැර කරනවා කියල ඔවුන්ට විරුද්ධව පැමිණිලි ගොඩාක් තිබුනා.. ඉතින් බෞද්ධ ජනතාවට යක්ඛ
නාගාදීන්ගෙන් වන හිරිහැර නිසා ඉදිරියට එවන්දේ නොවන්නට සම්මුති ගිවිසුමක් ඇතිකර
ගන්නට තමයි කට්ටිය
ආවේ.
ඉතින්
දැන් මේ කතාවේ ඉදිරියට යන්න නම් ඊට කලින් විසඳගෙන යන්න ඕන වැදගත්ම දෙයක් තියෙනවා..
මොකක්ද ඒ කරුණ? එනම් කවුද මේ
යක්කු, නාගයෝ, කුම්භාණ්ඩයෝ, ගාන්ධාර්වයෝ කියන්නේ කියලයි. ඇත්තටම
ඒක වෙනම දිග කතාවක්.. දැනට කවුරුත් කෙටියෙන් මතක තියා ගන්නකෝ මේ කියන්නේ එදා අපේ
දිවයිනේ හිටිය ප්‍රධාන ජන වර්ග 4ක
ජනතාව කියල.. එදා මේ දිවයින ප්‍රධාන කොටස්
දෙකයි දඹදිව හා ලක්දිව කියලා. මේ මූලික රාජ්‍ය
පාලන ප්‍රදේශ දෙකය. (පසු කාලයේදී තමයි මේ
දෙකම එකක් වන්නේ.)
බුදුරජුන්
වැඩ ඉන්නේ ඔය දඹදිව කියන කොටසේයි. එහි (යාම, තුසිත, නිම්මානරති, පරිනිම්මිත වසවත්ති කියන)
භෞතික දේව ජනපදන්ගෙන්
පැවත ආ 'දේව' ජනයා හා (මනු රජ පරපුරෙන් පැවත එන) 'මනුස්ස' ජනයා කියන ජන කොටස් දෙක ප්‍රධාන වශයෙන් සිටියා.. ඔය දෙගොල්ලම හරි
ගුණ යහපත් දෙව්-මනුස්ස ගති
වලින් යුත්ත වූ අය වුනා.. ඒ අයට දෙවියෝ හා මනුස්සයෝ කියල කිව්වා.. ඔවුන් මෙකල අංග, මගධ, කාසි, කෝසල.. ආදී වශයෙන් ජනපද
පිහිටුවාගෙන ප්‍රාදේශීය රජවරුන් යටතේ වෙන වෙනමත් පාළණය වුනා.. මේ කියන දෙවි මිනිස්
දෙපිරිසටම නායක රජුන් වුනේ බුදුරජුන් ම තමයි...
දැන්
අපි අර ලක්දිව කොටසට යමු. ලක්දිව
කොටසේ හිටියේ වෙනම කණ්ඩායමක්.. එහි සිටියේ භෞතික ශරීර ඇති 'අමනුස්ස' කියන ජනයා හා (චාතුර්මහාරාජික. තාවතිංශ පුර වලින් පැවත ආ) දේව කියන දෙපිරිසයි.. එයාල තමයි
යක්ඛ, නාග කුම්භාණ්ඩ, ගාන්ධර්ව ආදී ප්‍රධාන ජන කොටස් 4 වුනේ.. ඔවුන්ගෙන් බහුතරය හැදියාව
පැත්තෙන් ටිකක් අවුල්.. අනෙකුන්ට
කරදර, හිරිහැර කරල හොර බොරු වංචාවෙන්ම
තමයි ඔවුන් ජීවත් වෙන්නේ. මනුස්ස ගති ඔවුන්ට නෑ. ඉතින් මනුස්ස කියන ජනතාවට අයත්
නොවූ නිසාත් එයාලට 'අමනුස්සයෝ' කියල කිව්ව.. ඒ වගේම පොදුවේ ඒ 4 ගොල්ලම අමනුස්ස අසුර කියන ගනයටයි
වැටුනේ.. එසේම මේ කට්ටියටම පොදුවේ යක්කු කියලත් ඇතැම් තැන්වල ව්‍යවහාර කලා..
(දැන් ඔබගේම යටි සිතෙන්
විවිධ විරුද්ධවාදී අදහස් ඇති ක්ලේෂ මාරයින් නැග එන්නට පුලුවන්. ඔවුන් ප්‍රඥාව
නැමති කඩුවෙන් නසා දමන්න.. මේක ලස්සන කතාවක්. මෙතෙක්
ඔබ කියවාගෙන ආවා කියන්නේ ඔබ ද්වේෂයෙන් පහර නොලද නුවණැත්තෙක් නිසයි. හොඳින් අවධාරණය කරගෙන ඉදිරියට යන්න.)
බොහෝ
දෙනෙක් පටලවා ගන්න තැනක් තමයි මෙතන. මෙය තේරුම් ගෙන ඉදිරියට යන්න බලන්න. මෙතන
හරියට තේරුම් ගතහොත් ඔහු මහත් ප්‍රඤ්ඤාවන්තයෙකු වෙනවාමයි.
ඇත්තටම, අප කාටත් වැරදුනු එක් තැනක් තමයි
දෙපයින් යන මිනිස් ජීවියාට, සතුන්ට
වඩා මනස උසස් නිසා මනුස්ස වූවා කියා නිරුත්තියක් පටලවා ගැනීම. පසුකාලීනව එහෙම
අරගෙන ලෝකෙ ඉන්න ඔක්කොම මනුස්සයෝ කියල අදහසක් ගත්තා.. දැන් අපි පොදුවේ 'හියුමන්' කියන මිනිස් සංහතියටම 'මනුස්ස' කියන්න පුරුදු වෙලා.. මිනිස්
සංහතිය වෙනයි එදා සිටි මනුස්ස කියන ජන කොටස වෙනයි.
මිනිස්
සංහතිය තුල විවිධ ගති වලට අනුව සකස් වුනු විවිධ ජාති ජන කොටස් ඉන්නවා.. මේක තම
තමන්ගේ සිතුම් පැතුම් වලට අනුව එක්තරා හේතුඵල න්‍යායකට අනුරූපීව සකස් වන ක්‍රමයක්..
මේ විශ්වයේ, මිනිස් ඇතුලු
භෞතික හා ඕපපාතික සියලු ජීවී සත්ව සංහතියම නව සිරුරු දරමින් අඛණ්ඩව යන ක්‍රම
රටාවක් තියෙනවා.. (ඒ පටිච්ඡ සමුප්පන්න ක්‍රියාවලිය
වෙනම විග්‍රහ කල යුතු දිගු කතාවක්)
කෙසේ
හෝ මනුස්ස, දේව, යක්ක, නාග, කුම්භණ්ඩ, ගන්ධබ්බ ආදී ජන කොටස් එදා අප හෙළයේ
සිටි බව වටහා ගත යුතුමයි. එසේම මේ කියන කොටස් භෞතික ඇසට පෙනෙන අයුරින්වත්, සාමාන්‍ය ඇසට නොපෙනෙන සියුම්
රූපීමය වශයෙන්මත් කියන දෙයාකාරයෙන්ම සකස් වුණු ලෝක පවතිනවා කියා අවබෝධ කර ගන්නට
අවශ්‍යමයි.. මෙය වැරදියට ගතහොත් ඒ සියල්ලන්ටම ලෞකික සම්මා දිට්ටියවත් නොමැති වන බව
තේරුම් ගත යුතුයි.. ඉන් එහා ගැන අප කතා නොකර ඉමු..
(ඉතිහාසය විමසීමේදී සමහර
විට එකිනෙකා තුල රාජ නාමාවලි, නම්,ගම්, නගර ආදිය සම්බන්ධව යම්
යම් විවිධ මත තියෙන්නට පුලුවන්. එහි ගැටලුවක් නැත. මේ කියන්නේ ඒවා ගැන නොවේ. මෙතන
කතා කරන්නේ මූලික සිද්ධාන්තය ගැනයි)
සුපිරිසිදු
සද්ධර්මය පසෙක දා වෙන වෙන මිත්‍යා ධර්මයන් හිසෙහි තබාගෙන මුළාවුනු ජනයා නම්
කොතෙකුත් මෙලොව ඉන්නවාද? සියල්ලන්ටම
සිරි සද්ධර්මය අවබෙධ වෙත්වා....
1.ඝන වූ මාංශ කයක් ඇති සාමන්‍ය අපට පෙනෙන මනුස්සයො
හිටියා. (මනු පරපුර)
2.සියුම් වූ කයක් ඇති සාමන්‍ය ඇසට නොපෙනෙන මනුෂ්‍යයො
ඉන්නව. (මනුෂ්‍ය භූත)
3.ඝන වූ මාංශ කයක් ඇති සාමන්‍ය අපට පෙනෙන දෙවියෝ හිටියා.
(සම්මත දේව ජනයා)
4.සියුම් වූ කයක් ඇති සාමන්‍ය ඇසට නොපෙනෙන දිව්‍යයෝ
ඉන්නව. (උප්පත්ති දේව - සදිව්‍යලෝක වල ඉන්න දෙවිවරු)
5.ඝන වූ මාංශ කයක් ඇති සාමන්‍ය අපට පෙනෙන අමනුස්සයො
හිටියා. (අමනුස්ස අසුර, යක්ඛ, නාග, කුම්භණ්ඩ, ගන්ධබ්බ)
6.සියුම් වූ කයක් ඇති සාමන්‍ය ඇසට නොපෙනෙන අමනුෂ්‍යයො
ඉන්නව. (අමනුෂ්‍ය අසුර, යක්ඛ, නාග, කුම්භාණ්ඩ, ගන්ධබ්බ)
7. භෞතික වශයෙන් සහ මනෝරූපීයමය වශයෙන් යන දෙයාකාරයෙන්ම
සකස්වී ඇති දේවලෝක-දිව්‍යලෝක, මනුස්සලෝක-අමනුෂ්‍යලෝක
ආදිය තිබෙනවා.
ඔය
කරුණු 7 පිළිබඳව ඔබ මනා විශ්ලේශනයක් කළහොත්
මහා අවුල් ගොඩකින් මිදෙන්න පුලුවන්. මේ ලෞකික සම්මා දිට්ඨියේ වැදගත්ම තැනක්. මේතන
ලිහා ගත්තොත් ඉන් එහා හරිම සරලයි. දැනට
ටිකක් අවුල් වගේ වුනත් ඉස්සරහට මෙය නිරාකරණය වෙයි. (දැන් ඔබ හොඳ තැනක
ඉන්නවා.. සුවපත් වේවා..)
හොඳයි, දෑන් අපි අර මනුස්ස නොවුණු අමනුස්ස
කට්ටිය කවුද කියල පොඩ්ඩක් නැවත කෙටියෙන් බලමු.. කර්මාන්ත, කම්ම, ලෝහ වැඩ, කම්මල්, කම්මකාර ආදී පද එකතු වූයේ යක්ඛ
හෙළයන්ගේ යකඩ තාක්ෂණය නිසා ය. ලෝහ තාක්ෂණයේ සුලමුල සොයා ගිය විට, ඒ යක්ඛ හෙළයේ සුරුකම් බව පෙනේ.
පසුකාලීන කලා නිර්මාණවල යක්ඛ යන්න නිරූපණය කලේ දළ දෙකකිනි.
නාවුක
කටයුතු කළේ නාග හෙළයේ සිටි නාගයන්ටය.. ඔවුන් නාවුකයන්ය.. කරදියේ සහ මිරිදියේ සැමවිටම
විස්කම් පෑවේ මේ නාගයෝය.. ඔවුන් නායකයන්ද වන්නේය.. හස්තීන්ද මෙල්ල කළේය..නාග
වැසියන් බහුලව සිටි ප්‍රදේශයට නාගදීපය කියාද කීවේය. මෙයින් නගර කොටසක් මුහුදටද යටවී
ගිලාබැස ඇත. පසුකාලීන කළා නිර්මාණවල නාග පෙණය මගින් නාගයින් නිරූපණය කළේය..
මේ
ආකාරයට කුම්භාණ්ඩ කියන අය කුස රක්ෂා කළ වී වගා ආදියත්, මැටි කර්මාන්ත ආදියත් කළ පිරිසකි.
කහවණු හා මසුරන් කියන වී දෙවර්ගය වගා කරවුයේද සමන නම් රජෙකු බව සඳහන් වේ..
ගාන්ධරවයින් සංගීතයට සම්බන්ධව ලැදියාවක් දැක්වු විනෝදාත්මකව සිටි කොටසකි..
මේ
ආකාරයට කුම්භාණ්ඩ කියන අය කුස රක්ෂා කළ වී වගා ආදියත්, මැටි කර්මාන්ත ආදියත් කළ පිරිසකි.
කහවණු හා මසුරන් කියන වී දෙවර්ගය වගා කරවුයේද සමන නම් රජෙකු බව සඳහන් වේ..
ගාන්ධරවයින් සංගීතයට සම්බන්ධව ලැදියාවක් දැක්වු විනෝදාත්මකව සිටි කොටසකි..
කොහොම
හරි ඉතින් මේ එකම දිවයිනේ තිබුනු රටවල් දෙක ඇතුලෙම කට්ටිය එහෙට මෙහෙට යනව එනව වෙස්
මාරු කරගෙන. වෙස් වලා ගන්නව කියන්නේ ඔය ඇඳුම් වෙනස් කරගෙන මේක් අප් දාගන්න එකට
මිසක් වෙන එකකට නොවෙයි කියල කට්ටිය දන්නවනේ.. ඉතින් යක්කු මනුස්ස වෙස් ගන්නව.
මනුස්සයො යක්කුන්ගේ වෙස් ගන්නව. දෙවියොත් මිනිස් වෙස් ගන්නව. මිනිස්සු දෙවියන් වගේ
ඇඳල පැලඳල යනව. නාගයොත් එහෙම තමයි.. එයාලත් මනුස්ස වෙස් ගන්නව හිටි ගමන්.. මේක
හරියට උදාහරණයකින් කියනවනම් ඔය සිංහල, දෙමළ.
මුස්ලිම් අය වගේ තමයි.. මේ කට්ටිය ඇඳුමෙන් වෙනස් වෙලා නගරයට ගියාම මේ කවුද, අරය කවුද කියල හඳුන ගන්න බෑ වගේ
කියල හිතා ගන්න..
ඉතින්
අද කාලේ මේ හැම ජාතියක්ම දිවයින පුරා එකට ඉන්නව වගේ එදා යක්ක නාග ආදී ජාතිකයෝ තැන්
තැන් වල ඉඳල බෞද්ධ සීහල ජනතාවට කරදර හිරිහැර කළ.. ඉතින් ඒ හිරිහැර උපද්‍රව
නවත්වන්න තමයි එදා ආටානාටිය ප්‍රඥප්තිය මූලික වශයෙන් ඇති කර ගන්නේ..
ඉතින්
ආටානාටිය පිරිත කියන්නේ ඉතා වටිනා පිරිතක්.. (මේ පිරිත භෞතිකව ඝණ ශරීර
හා අභෞතිකව සියුම් ශරීර වලින් යුත් දෙකොටසටමයි වැදගත් වන්නේ..) ඒත්
එහි හරයක් හරියට වටහා නොගෙන කොතරම් රැ එලිවෙනකම් කිව්වත් ඉන් නියම වටිනා කමක්
ගන්නට නම් බැහැ කියල අපි තේරුම් ගන්නත් ඕනි.. හොඳයි
එහෙනම් දැන් අපි ආටානාටිය සූත්‍රයට පිවිසෙමු.. මේක පිරිත් ගෙවල් වලදී ඕනි තරම්
කට්ටිය අහල තියෙනවනේ..
සිංහල අර්ථය
අපි දැන් බලාගෙන ඉස්සරහට යමු..
එක්
කාලයෙක භාග්‍යවතුන් වහන්සේ (දඹදිව කොටසේ) රජගහ නුවර පිහිටි ගිජුකුළු පව්වෙහි
වැඩ වසන සේක. එකල්හි (ලක්දිව කොටසේ සිටි) මහරජවරු
සතර දෙනා මහත්වූ තම යක්ෂ(ගෝත්‍ර) සේනාව ද, ගන්ධර්ව සෙනග ද, කුම්භාණ්ඩ සෙනග ද, නාග සෙනග ද කැටුව උන්වහන්සේ බැහැ
දැකීමට පැමිණියාහ. ඔවුන් සතර දෙස ආරක්ෂක
හේවායින් යොදවා තබා, රාත්‍රී
කාලය නිසා සියලු ගිජුකුළු පව්වම මෙන් එකලු කොට (ආලෝක පහන් දල්වා), භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ වැඳ
එකත් පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හා සතුටු සාමීචි කතා නිමවා එක්
පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිලි නමා හුන්හ. ඇතැම් කෙනෙක්
අනෙකුන්ගේ නම් ගොත් අසා සතුටු කතා නිමවා එක් පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් නිහඬවම එක්
පසෙකට වී හුන්හ.
(මේ කියන්නේ සියුම් වූ
ශරීර ඇති නොපෙනෙන අමනුෂ්‍ය කොට්ටාසයක් ගැනද? නැත. මේ කියන්නෙ එදා මේ
හෙළදිව ලක්දිව කොටසේ, ප්‍රදේශ කීපයක සිටි ජන කොටස් කීපයක් ගැනමයි. මේ
කියන්නේ මේ දිවයිනේම අය විශේෂ සම්මන්ත්‍රණයකට පැමිණ එකට හමුවුණු මොහොතකි.)
එක්
පසෙක හුන් වෙසමුණි(පරපුරේ එවකට සිටි) මහරජු, භාග්‍යවතුන් වහන්සේට මෙසේ ප්‍රකාස
කෙළේය. (මේ මහාමායා දේවිගේ පියාය)
“වහන්ස, ඔබ වහන්සේට නො පැහැදුණු මහ බලවත්
යක්කු අප අතරේ ඉන්නවා. ඔබ වහන්සේට පැහැදුණු මහ තෙදැති යක්කු ද ඉන්නවා. ඔබ වහන්සේට නොපැහැදුණු
සාමාන්‍ය යක්කුද අප අතරේ ඉන්නවා. ඔබ වහන්සේට පැහැදුණු සාමාන්‍ය යක්කු ද වෙත්මය.
වහන්ස, බොහෝ සෙයින් අපේ බහුතර යක්ක ජනතාවම
වගේ ඔබ වහන්සේට පැහැදුනු අය නම් නොවේ. ඒ මොකද කියනවනම්, මුන් ඔක්කොම වගේ හැදියාවක් තියෙන
අය නොවන නිසයි. ඔබ වහන්සේ පංචශීලය රැකීම පිණිස දහම් දෙසනවා. ඉතින් මේ යක්කු වනාහි
බොහෝ සෙයින් දුසිරිතෙන් නො වැළැක්කාහුමය. මොවුන් පන්සිල් රකින අය නොවේ. මෙයාලගේ
ජිවනෝපායනුත් දඩයම් කිරීම්, මාලු
ඇල්ලීම්, වෙළඳ ව්‍යාපාර කටයුතු වගේ ඒව තමයි.
ඕව කරද්දි පන්සිල් රකින්න බෑ. ඔවුනට බුදුන්ගේ දහම් දෙසුම අප්‍රිය වේ, මනාප නොවේ.
ඉතින්
වහන්ස, යම් කෙනෙක් නිශ්ශබ්ද පරිසරයක, මිනිසුන්ගෙන් ඈත්ව හුදෙකලාව අරණ්‍ය
සෙනසුන් සේවනය කරමින් සිටීද ඒ ඔබ වහන්සේ ගේ ශ්‍රාවකයෝම වෙති. ඒ බුදුමග යන ශ්‍රාවකයෝ ඉන්න ඒ ප්‍රදේෂ වලම, බුදු සස්නෙහි නොපැහැදුනාවූ යක්කුද
වෙති. ඔවුන්ට අපේ කට්ටිය කොතෙකුත් හිරිහැර කරනවා. ඉතින් ඔබ වහන්සේ අපෙ ජාතියේ
ජනයාගේ පැහැදීම පිණිසත්, ඔබේ
මහණුන්ගේ, මෙහෙණන්ගේ, උපාසකයින්ගේ, උවැසියන්ගේ යහපත පිණිස, ආරක්ෂාව පිණිස, පීඩාවක් නොවනු පිණිස, පහසු වාසය පිණිසත් ආටානාටිය ප්‍රඥප්තිය
ඔවුන්ට උගන්නනවා නම් හොඳයි කීවේය. භාග්‍යවතුන් වහන්සේ නිහඬව ඉවසා එය අනුමත කල සේක.
(මේ ආටානාටිය පිරිත කියන්නේ රාවණා යුගයේ සිට
වෙසමුණි පරපුරෙන් පැවත එන කිසියම් ප්‍රඥප්තියකි)
ඉක්බිතිව වෙසමුණි මහ රජු (පණිත/ශුමන/සක්කස්ස දේව) භාග්‍යවතුන් වහන්සේගේ
විරුද්ධත්වයක් නැති බව දැන, ඒ
වේලෙහි මේ ආටානාටිය ප්‍රඥප්තිය ප්‍රකාශයට පත් කලා.
(ඔන්න දැන් තමයි මහරජු විසින් මේ
පිරිත සභාවට කියන්නේ.)
‘‘විපස්සිස්ස
ච නමත්ථු, චක්ඛුමන්තස්ස
සිරීමතො. සිඛිස්සපි
ච නමත්ථු, සබ්බභූතානුකම්පිනො..''
(ආදී වශයෙන් රජු දිගටම පිරිත් ගාථා ටික කියනවා.. එතුමා මෙහිදී කියන්නේ තමන්ගේ පෙර සිටි රාජ
පරපුර අලලා සකස් කල ගාතා ටිකකුයි.. එය කිසියම් අභිලේඛණයක් වගේ සකස් කල දෙයක්. එහි
සිංහල අරුත් ටිකක් මෙලෙසින් දක්වන්නට පුලුවන්..)
“ප්‍රසංශා
ඇති සිරිමත්වූ විපස්සී බුදුරජුනට නමස්කාර වේවා. සියලු සත්නට අනුකම්පා ඇති සිඛී
බුදුරජුනටද නමස්කාර වේවා.
''සෝදා
හළ කෙලෙස් ඇති, තපස්වී වූ
වෙස්සභූ බුදුරජුනට නමස්කාර වේවා. මරසෙන් මැඩැලූ කකුසඳ බුදුරජුනට නමස්කාර වේවා,
“සියලු
පව් අහක් කළාවූ වැස නිමවනලද බ්‍රහ්මචර්‍ය්‍යය ඇති, කෝනාගමන
නම් සර්වඥයන් වහන්සේට නමස්කාරවේවා
“සියලු කෙලෙසුන්ගෙන් මිදුනාවූ කාශ්‍යප
නම් සර්වඥයන් වහන්සේට නමස්කාර වේවා.
“යම් තථාගතකෙනෙක් සියලු සංසාරදුක්
දුරුකරන්නාවූ මේ ධර්මය දෙශනා කළාහුද ශ්‍රීමත්වූද ශාක්‍ය පුත්‍රවූ ඒ ගෞතම සර්වඥයන්
වහන්සේට නමස්කාර වේවා.
“ලොකයෙහි යම් රහත් කෙනෙක්
පිරිනිවියාහුද තත්වූ පරිද්දෙන් දැක වදාළාහුද ඒ රහත්වූ පිසුණු වචන නොකියන්නාහ. මහත් බවට පැමිණියාහ. භය නැති
කළහ. උන්වහන්සේලාට නමස්කාර වේවා.
“අෂ්ට විද්‍යා පසළොස් චරණයන්ගෙන් යුක්තවූ
මහත් බවට පැමිණියාවූ භය නැති කළාවූ දෙවි මිනිසුන්ට හිතවූ යම් ගෞතම සර්වඥයන් වහන්සේ
කෙනෙකුට නමස්කාර කෙරෙද්ද, උන්වහන්සේටද
නමස්කාර වේවා.
(මෙසේ නමස්කාර ගාථා
ටිකෙන් පසුව ගෞතම බුදුන්ට පෙර කළ පැවති රාජධාණිවල විස්තර ඇතුලත් විස්තර සහිත ගාථා
ටික එහි ඇතුලත්ව තිබෙනවා. මේ සඳහන් කරන රජවරු, නගර ආදියෙහි සියලු
විස්තර ඇතුලත් කොට ඇත්තේ ගොතම බුදුන්ට පෙර යුගවල විස්තර බව සිහි තබා ගත යුතුයි..
සමහරුන් මේ කියවෙන්නේ අපගේ ගොතම බුදුන්ගේ කාලයේ විස්තර බව සිතා පටලවා ගනිති.. මේ
පහලින් ඇත්තේ මීට පෙර සිටි ගාන්ධර්වයින්ගේ රාජධාණි ඉතිහාස විස්තරයි.)
“දිලිසෙන මහත් මණ්ඩල ඇති, සූර්‍ය්‍ය තෙම යම් තැනකින් උදාවේද, යමෙක් උදාවන කල්හි රාත්‍රියද
අන්තර්ධාන වේද, යම්
දිසාවකින් හිරු උදාවූ කල්හි දවස යයි කියනු ලැබේද, එහි
ගැඹුරුවූ පැතුරුණාවූ ජලය ඇති සමුද්‍රයයි කියනලද දිය විලෙක්ද ඇත්තේය.
“ඒ ස්ථානයෙහි පැතුරුණාවූ ජලය ඇති ඒ
දියවිල සමුද්‍රයයි, මෙසේ දනිත්.
මේ නිසා ඒ දිසාවට නැගෙනහිර දිසාවයයි ජනයා කියන්නේය. යස පිරිවර ඇත්තාවූ ඒ මහරජ තෙම
යම් දිසාවක් ආරක්ෂා කෙරේද,
“ගාන්ධර්වයන්ට අධිපතිවූ ඔහු ධ්‍රතරාෂ්ට්‍රය
නම් වන්නේය. ඒ මහරජ තෙම ගාන්ධර්වයන් විසින් පිරිවරණ ලද්දේ නැටුම් ගී කීම්වලින්
සිත් අලවා වෙසෙයි.
“ඉන්ද්‍රය යන නම් ඇත්තාවූ මහත් බල
ඇත්තාවූ අනූ එක් දෙනෙක් පමණවූ ඔහුගේ සමාන නම් ඇත්තාවූ බොහෝ පුත්‍රයෝද ඇත්තාහයි මා
විසින් අසන ලදී.
“ඔවුහුද මහත් බවට පැමිණියාවූ
විශාරදවූ බුද්ධ නම්වූන් (සූර්‍ය්‍ය වංශයෙහි උපන් හෙයින්) ආදි බන්ධුන් සර්වඥයන්වහන්ස, ශ්‍රෙෂ්ඨ
පුරුෂයන්වහන්ස, නුඹ වහන්සේට
නමස්කාර වේවයි කියා දුරදීම නමස්කාර කරති.
“දක්ෂවූ සර්වඥතාඥානයෙන් මහජනයා
බලන්නෙහි යයි කියා අමනුෂ්‍යයෝද නුඹවහන්සේට වඳිති. මේ වැඳීම අප විසින් නැවත නැවත
අසනලදී. එහෙයින් මෙසේ කියම්හ.
“ගෞතම නම්වූ සර්වඥයන් වහන්සේට
නමස්කාර කරවුදැයි’ ගෞතම
සර්වඥයන් වහන්සේට අපි නමස්කාර කරම්හයි.
විද්‍යාචරණ ගුණයෙන් යුක්තවූ ගෞතම බුදුන් වහන්සේට අපි නමස්කාර කරම්හයි.
(මෙහි ඉහත ධ්‍රතරාෂ්ට්‍ර
කීවේ අපේ බුදුන්ට පෙර ධ්‍රතරාෂ්ට්‍ර පෙළපතෙ සිටි රජු ගැනයි. එලෙසින් මේ පහලින්
විස්තර ඇත්තේ කුම්භාණ්ඩ හෙළය ගැනයි. එහිදි විරූඪ පෙළපත ගැන කියවෙනවා )
“යම් දිශාවකින් මළමිනි ගෙනයනු
ලැබෙත්ද? පිසුණු කියන්නාවූ ඉදිරිපිට නැති
තැන නින්දා කරන්නාවූ, ප්‍රාණඝාත
කරන ගත ඇති රෞද්‍රවූ සොර සිත් ඇත්තාවූ වඤ්චාකාරීවූ ජනයෝ ගෙනයනු ලැබෙතියි කියත්ද,
“යස පිරිවර ඇත්තාවූ ඒ මහ රජතෙම යම්
දිශාවක් ආරක්ෂා කෙරේද, ජනතෙම ඒ
දිශාවට දකුණු දිශාවයයි කියන්නේය. මෙයින් ඒ දිශාව දකුණු දිශා නම් වන්නීය.
“කුම්භාණ්ඩයන්ට අධිපතිවූ විරූඪය යන
නම් ඇති ඒ රජතෙම කුම්භාණ්ඩයන් විසින් පිරිවරණ ලද්දේ නැටුම් ගී කීම් වලින් සිත්
අලවා වාසය කරයි.
“ඒ රජහුගේ එක නම් ඇති බොහෝවූ පුත්‍රයෝද
ඇත්තාහයි මා විසින් අසන ලදී. මහත් බල ඇති ඉන්ද්‍ර නම් ඇත්තාවූ ඔව්හුද අනූඑක්
දෙනෙක් වන්නාහ. ඒ පුත්‍රයෝද ආදි බන්ධුවූ මහත් බවට පැමිණියාවූ පහවූ භය ඇති සර්වඥයන්
වහන්සේ දැක දුරදීම පුරුෂ ශ්‍රෙෂ්ඨයන් වහන්ස, ඔබවහන්සේට
නමස්කාර වේවා, පුරුෂ
උත්තමයන් වහන්ස, ඔබවහන්සේට
නමස්කාර වේවායි නමස්කාර කරති.
“සර්වඥතාඥානයෙන් ලොකය බලනසේක් ඒ
කුම්භාණ්ඩයෝද ඔබ වහන්සේට වඳිති. මේ වචනය අප විසින් නිතර අසන ලදී. එහෙයින් මෙසේ
කියම්හ.
“ගෞතම නම්වූ සර්වඥයන් වහන්සේට
නමස්කාර කරව්දැයි, අසම්හ, එසේ අප විසින් අසන ලද කල්හී ගෞතම
නම් බුදුන්ට නමස්කාර කරම්හ. විද්‍යාචරණ ගුණයෙන් යුක්තවූ ගෞතම ගොත්‍රයෙහි උපන්නාවූ
සර්වඥයන් වහන්සේට අපි නමස්කාර කරම්හයී,’ කියති.
(ඉන් පසු පහත ආකාරයෙන්
පෙර සිටි නාග හෙළ ජාතිකයින් ගැන විස්තර එහි සඳහන් කෙරෙනවා. එහිදී විරූපාක්ෂ පෙළපත
ගැන කියවෙනවා )
“යම් දිශාවෙක්හි, දිලිසෙන මහත් මණ්ඩල ඇති සූර්‍ය්‍යයා
බැසයයිද, සූර්‍ය්‍යයා බැස ගිය කල්හි දවල්
කාලය නැති වේද”
“යම් සූර්‍ය්‍යයෙකු බැස ගිය කල්හි
රාත්‍රියයි කියනු ලැබේද, ඒ
සූර්‍ය්‍යයා බැස ගිය තන්හි , ඒ
විල ගැඹුරුවූ පැතුරුණාවූ ජලය ඇති සමුද්‍රය නම් වන්නේය.
“ඒ සූර්‍ය්‍යයා බැස ගිය තන්හි තිබූ
ඒ විල පැතුරුණාවූ ජලය ඇත්තාවූ සමුද්‍රයයි දනිති. මෙයින් ඒ දිශාව බස්නාහිර දිශාවයයි
ජනතෙම මෙසේ කියන්නේය.
“යස පිරිවර ඇත්තාවූ යම් මහරජෙක් ඒ
දිශාව ආරක්ෂා කෙරේද, නාගයන්ට
අධිපතිවූ විරූපාක්ෂ නම්වූ ඒ වරම් රජ තෙම නාගයන් විසින් පිරිවරණ ලද්දේ නැටුම් ගී
කීම්වලින් සිත් අලවා වාසය කරයි.
“ඒ වරම් රජහුගේ එක නම ඇති බොහෝවූ
පුත්‍රයෝද ඇත්තාහයි මා විසින් අසන ලදී. මහත් බල ඇත්තාවූ ඉන්ද්‍ර නම් ඔවුහු අනු එක්
දෙනෙක් වන්නාහ.
“ඔව්හුද සූර්‍ය්‍යවංශයට නෑවූ මහත්
බවට පැමිණියාවූ පහවූ භය ඇති සර්වඥයන් වහන්සේ දැක දුරදීම පුරුෂ ශ්‍රෙෂ්ඨයන්වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා, පුරුෂොත්තමයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවායි නමස්කාර
කරත්.
“දක්ෂවූ සර්වඥතාඥානයෙන් ජනයා
බලන්නෙහියයි කියා අමනුෂ්‍යයෝද ඔබ වහන්සේට නමස්කාර කරති. මේ කාරණය අප විසින් නිතර
අසනලදී. එහෙයින් මෙසේ කියම්හ.”
“තොපි ගෞතම නම්වූ සර්වඥයන්වහන්සේට
නමස්කාර කරව්දැයි අප විසින් අසනලද කල්හි ‘ගෞතම නම්වූ සර්වඥයන් වහන්සේට අපි
නමස්කාර කරම්හ. ඒ විද්‍යාචරණ ගුණයෙන් යුක්තවූ ගෞතම ගොත්‍රයෙහි උපන්නාවූ සර්වඥයන්
වහන්සේට අපි නමස්කාර කරම්හයි’ කියති.
(ඉන් පසු පහත ආකාරයෙන් පෙර සිටි
යක්ඛ හෙළ ජාතිකයින් ගැන දිගු විස්තරයක් එහි සඳහන් කෙරෙනවා. එහිදී වෙසමුණි පෙළපත
ගැන කියවෙනවා. ඇත්තටම කියනවනම් මේ කියවෙන්නේ රාවණ කියන සක්විති පරපුරෙන්ම ඊට පසු
බෙදී පැවත ආ යක්ඛ හෙළයම කියල වටහා ගත්තොත් වඩාත් පහසු වෙයි.)
“යම් දිසාවෙක්හි රම්‍යවූ උතුරුකුරු
දිවයින පිහිටියේද, දැකුම්
කටයුතුවූ මහාමෙරු පර්වතය වන්නේද, ඒ
උතුරුකුරු දිවයිනෙහි වස්ත්‍රාභරණාදිය මගේය මගේ යයි ගැනීමක් නැත්තාහු භාර්‍ය්‍යා
පරිග්‍රහයක් (භාර්‍ය්‍යාවන් අයත්කර ගැන්මක්) නැත්තාවූ මනුෂ්‍යයෝ උපදිත්.
“ඒ මිනිස්සු වී නොවපුරන්නාහ. සීසෑම
පිණිස නගුල් කෙතට නොගෙනියත්. ඒ මනුෂ්‍යයෝ නොසානා ලද භූමියෙහි හටගෙණ පැසුනාවූ
ඇල්සාල් බත් අනුභව කරත්. (ස්වයංජාත වී)
“කුඩු නැත්තාවූද පොතු නැත්තාවූද
පිරිසිදුවූ සුවඳ ඇති සහල් ඵල කොට ඇති හැල් රන්සැළියෙහි ලා උණුසුමෙන් පිස ඒ සැලියෙන් ගත් කෑම කති.
“ඔව්හු ගවදෙනකු සහිත වාහනයක් සකස්
කොට දිසානුදිසාවන්හි සංචාරය කරති. වෙනත් සිව්පා සතෙකු වාහනයක් කොට දිසානුදිසාවන්හි
සංචාරය කරති.
“ස්ත්‍රියක් වාහනය කොට
දිසානුදිසාවන්හි සංචාරය කරති. පුරුෂයෙකු හෝ වාහනයකොට දිසානුදිසා වන්හි හැසිරෙත්. (පුරුෂයෙක් හෝ කාන්තාවක් විසින් ඇදගෙන යන කරත්තය)
“තරුණියක් වාහනය කොට
දිසානුදිසාවන්හි සංචාරය කරති. තරුණයෙක් වාහනය කොට දිසානුදිසාවන්හි සංචාරය කරති.
“ඒ රජහුගේ පිරිවරවූ ඔවුහු වාහනවල
නැග සියලු දිසා වටකොට අවිදිති. යස පිරිවර ඇත්තාවූ ඒ වෙස්සවණ මහ රජහට ඇත් යානද, අස්ව යානද, අහස් යානද (දඬුමොණර), ප්‍රාසාදද, සිවිගෙවල්ද, උඩුමහල් ගෙවල්ද රන්සිවි ගෙවල්ද
වන්නාහ.
“ඒ රජහට අහස්හි (උස් ස්ථානවල හෝ
උසට) මවන ලද ආටානාට, කුසිනාට, පරකුසිනාට, නාටපුරිය, පරකුසිතනාට යන නගරයෝ (මහල් නිවාස) වූවාහුය.
උතුරු
දිශාවෙන් කපීවන්ත නම් නුවරෙක, ඊට
බස්නාහිර දිසාවෙහි ජනොඝය, නවනවුතියය, අම්බර අම්බරවතියය, යන නගර හා ආළකමන්දා නම් රාජධානියද
වන්නාහුය. “නිදුකාණන්
වහන්ස, කුවෙර නම් මහ රජහුගේ විසාණා නම්
රාජධානියක්ද තිබුණේය. ඒ කාරණයෙන් කුවෙර නම් මහ රජතෙම වෛශ්‍රවණයයි කියනු ලැබේ.
“වෙන වෙනම කරුණු පරීක්ෂාකර
කියන්නාවූ තතොලාය, තත්තලාය, තතොතලාය, ඔජසිය, තෙජසිය, තතොජසිය, සුරය, රාජය, අරිෂ්ටය, නෙමිය යන යක්ෂ නායකයෝ දොළොස්
දෙනෙක් වූහ.
“යමකින් ජලය ගෙණ වර්ෂාව වසීද, වර්ෂාව යමකින් පැතිරේද, ඒ රාජධානියෙහිවූ විලද ධරණී නම්
වන්නීය. ඒ විල අද්දර යක්ෂ ජනයා නිතර රැස් වන භගලවතී නම් සභා ශාලාවද වන්නීය.
ඒ ශාලාව වටේට
නිතර ගෙඩි ඇත්තාවූද නොයෙක් කුරුළු සමූහයාගෙන් ගැවසුණාවූද මොනරුන් කොස්වා ලිහිනින්
හා කෝකිල ආදී පක්ෂීන් විසින්ද පවත්වන ලද සිත් පිනවන නාද ඇති වෘක්ෂයෝ ඇත්තාහ.
“තවද පොකුණෙහි නාද කරන ජීවඤ්ජීවක
නම් කුරුල්ලෝද උට්ඨවචිත්තක නම් කුරුල්ලෝද වළි කුකුලෝද පියුම්වනයෙහි රන්වන්
කකුළුවෝද, තල් රෙහෙරුද, හැසිරෙන්නාහ.
“මේ පොකුණෙහි ගිරා සැළලිහිණින්ගේ
ශබ්ද ඇත්තේය. දණ්ඩ මාණවක නම් පක්ෂීහුද හැසිරෙන්නාහ. ඒ කුවෙර නම් මහ රජහුගේ පොකුණ
හැම කල්හි එකම ආකාරයෙන් බබලන්නීය.
“යස පිරිවර ඇත්තාවූ ඒ මහ රජතෙම යම්
දිසාවක් ආරක්ෂා කෙරේද ඒ දිසාව උතුරු දිසාවයයි මෙසේ ජනතෙම ඒ දිසාවට කියන්නේය.
“යක්ෂයන්ට අධිපතිවූ කුවෙර යන නමක්
ඇත්තාවූ ඒ වරම් රජතෙම යක්ෂ සේනාවන් විසින් පිරිවරනලද්දේ නැටුම් ගී කීම්වලින් සිත්
අලවා වාසය කරන්නේය.
“ඒ රජහුගේ බොහෝ පුත්‍රයෝද, කුවේර යන නම ඇත්තාහයි, මා විසින් අසන ලදී. මහත්වූ බල ඇති
ඉන්ද්‍ර(සූර්‍ය වංශික පරපුර) නම්වූ ඔව්හු අනූඑක් දෙනෙක් වෙති.
“ඔව්හුද ප්‍රබුද්ධවූ ආදි බන්ධුවූ
මහත්බවට පැමිණියාවූ පහවූ භය ඇති සර්වඥයන්වහන්සේ දුරදීම දැක පුරුෂ ශ්‍රෙෂ්ඨයන්
වහන්ස, නුඹවහන්සේට නමස්කාර වේවා.
පුරුෂොත්තමයන් වහන්ස, නුඹවහන්සේට
නමස්කාර වේවායි නමස්කාර කරත්.
“දක්ෂවූ සර්වඥතා ඥානයෙන් ජනයා
බලන්නෙහියයි අමනුෂ්‍යයෝද නුඹ වහන්සේට වඳිති. මේ කාරණය අප විසින් නිතර අසනලදී.
එහෙයින් මෙසේ කියම්හ.
“ගෞතම ගොත්‍රයෙහි උපන්නාවූ සර්වඥයන්
වහන්සේට නමස්කාර කරව්දැයි (අසන ලද්දාවූ ඔව්හු) ගෞතම ගොත්‍රයෙහි උපන්නාවූ සර්වඥයන්
වහන්සේට නමස්කාර කරම්හ. විද්‍යාචරණ ගුණයෙන් යුක්තවූ ගෞතම සර්වඥයන් වහන්සේට නමස්කාර
කරම්හයි කියති.”
(මේ ආකාරයට ඒ ලක්දිව
කියන කොටසේ පෙර සිටි ජන වර්ග 4 ගැනම විස්තර ඇතුලත් කොට සකස් කල ඒ ගාථා ටික එහිදී (පණිත)
මහ රජුන් විසින් කියවා නිමවනවා.. ඉතින් මේ ගාථා ටිකට තමයි ආටානාටිය පිරිත කියල
කියන්නේ.. ඉතින් ඊට පස්සේ ඒ මහ රජු බුදු රදුන්ට කියනව මේ පිරිත බෞද්ධ ශ්‍රාවකයින්ට
තම ආරක්ෂාව පිණිස පරිහරණයට උගන්නන්න කියලා.. ඇත්තටම මේක ඒ රජවරු එකතු වෙලා හදපු
ගිවිසුමක් කීවත් නිවැරදියි. ඉතින් රජතුමා දැන් බුදු හාමුදුරුවන්ට මෙහෙම කියනවා.)
නිදුකාණන්වහන්ස, ඒ මේ ආටානාටිය පිරිත වනාහි
භික්ෂූන්ටද, භික්ෂුණීන්ටද, උපාසකවරුන්ටද, උපාසිකාවරුන්ටද, ආරක්ෂාව පිණිසද සැපසේ විසීම පිණිසද
නොවෙහෙසීම පිණිසද වන්නීය.
නිදුකාණන්වහන්ස, යම් කිසි භික්ෂුවක් විසින් හෝ
භික්ෂුණියක් විසින් හෝ උපාසකයෙකු විසින් හෝ උපාසිකාවක් විසින් හෝ මේ ආටානාටිය නම්
ආරක්ෂාව යහපත්ව ඉගෙන දැනගන්නා ලද්දීද, අක්ෂර පද නොපිරිහෙලා සම්පූර්ණකොට ඉගෙන ගන්නා ලද්දී නම්, ඉදින් යම් යක්ෂයෙක් හෝ යක්ෂණියක් හෝ යක්ෂ
පොතකයෙක් හෝ යක්ෂ පොතිකාවක් හෝ යක්ෂ මහා ඇමතියෙක් හෝ යක්ෂ පිරිසෙහි වූවෙක් හෝ යක්ෂ
වැඩකරුවෙක් හෝ ගාන්ධර්ව, කුම්භාණ්ඩ,
නාග
පුරුෂයෙක්
හෝ ස්ත්‍රියක් පොතකයෙක් හෝ පොතිකාවක් හෝ මහාමාත්‍යයෙක් හෝ පිරිසෙහි වූවෙක් හෝ වැඩකරුවෙක්
හෝ නපුරු සිත් ඇතිව,
භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයකු
හෝ උපාසිකාවක් හෝ යන්නහු පසුපස්සේ කරදර කිරීමට යන්නේ හෝ වේද සිටියහු ළඟ සිටින්නේ
හෝ වේද, හිඳින්නහු ළඟ හිඳින්නේ හෝ වේද, නිදාගන්නහු ළඟ නිදා ගන්නේ හෝ වේද,
(මෙතනදී සමහරුන් පටලවා
ගන්න තැනක්..ආවිසති. කියන වචනයෙන් ප්‍රවේශ වෙයි, ඇතුළත් වෙයි. ගොඩ වෙයි
වගේ තව අර්ථ ගොඩක් තියෙනවා. ඒවා ඒ ඒ අවශ්ථාවට අනුචිත පරිදි ගත යුතුයි. ආවේශ වෙනව
කිව්වම අද ගොඩක් අය හිතන්නේ පරල වෙනව කියන එකට විතරයියි මේ කියනේ කියල. යමෙකුගේ
තිබුනු සාමාන්‍ය සවභාවය වෙනස් ආකාරයට වෙස් ගැන්වීමක් ආවේශ කියල කියවෙනවා. 'මට යකා ආවේශ වෙනව' කියන්නේ ස්වභාවය
මාරුවීමක්. එනම් ද්වේෂය ආරෝපණය වීමක්.. ඒ වගේම ගොඩවෙනව කියන්නේ ඇඟට ඇතුල්වීමක්
නොවේ. 'එයා මගේ ඇඟට ගොඩවුනා' කියන්නේ ක්‍රෝධයෙන් කඩා
පැන්නා කියන එකයි. ඉතින් ආටානාටියේත් මේ ආවිසති කියන්නේ එවැනි අර්ථයකින් කියල
බුද්ධිමත්ව වටහා ගත යුතුයි.)
නිදුකාණන් වහන්ස, ඔබගේ ශ්‍රාවකයින්ට හිරිහැර කරන
ඒ
තෙම මාගේ ගම්වල හෝ නියම් ගම්වල හෝ සත්කාරයක් හෝ ගරු කිරීමක් හෝ නොලබන්නේය. ඒ
තැනැත්තාට මාගේ ආළකමන්දා නම්වූ රාජධානියෙහි වාසය කිරීමට තැනක් හෝ ස්ථිර වාසයක් හෝ
නොදෙන්නේය. නිදුකාණන්වහන්ස,
ඒ
තැනැත්තාට මාගේ යක්ෂයන්ගේ සමාජයට යන්ටද නොලබන්නේය. එසේම ඔවුන්ව ආවාහ විවාහයන්ට
නුසුදුස්සකුද කරන්නාහුය. එසේම ඔහුට සම්පූර්ණ පද ශබ්ද ඇති අපහාස වචනවලින් නින්දා
කරන්නාහුය. එසේම ඔහුගේ හිසෙහි හිස්වූ ලොහ පාත්‍රයක්ද මුනින් තමන්නාහුය (යවෙස්ලීම). එසේම ඔහුගේ හිසද සත් කඩක් කොට
පලන්නාහුය..
නිදුකාණන්වහන්ස. රෞද්‍රවූ නපුරු ගති
ඇති එකට එක කරන්නාවූ අමනුස්සයෝ ඇත්තාහුය. මේ අමනුස්සයෝ සතර රජ දරුවන්ගේ වචනය
නොඅසත්. සතර මහරජ දරුවන්ගේ අමාත්‍යයන්ගේ වචනයද නොපිළිගනිති. යක් සෙනෙවියන්ගේ වචනය
නොපිළිගනිති. නිදුකාණන්වහන්ස, ඒ අමනුෂ්‍යයෝ සතර මහ රජදරුවන්ට අකීකරු වූයෝයයි කියනු ලැබෙත්.
එසේම
මගධ රටට අධිපතිවූ රජහුගේ රටෙහි (බිම්බිසාර රජු සිටි
රජගල ඇතුලු මහත් රාජධාණියේ) සොරු වෙත්ද, ඒ සොරු මගධ රජහුගේ වචනය නොපිළිගනිති. මගධ
රජහුගේ අමාත්‍යයන්ගේ වචනය නොපිළිගනිති. මගධ රජහුගේ අමාත්‍යයන් වෙනුවට සිටින
පුරුෂයන්ගේ වචනය නොපිළිගනිති. නිදුකාණන්වහන්ස, ඒ මහසොරහු වනාහි මගධ රජහට අකීකරු වූවෝ නම් වෙතියි කියනු ලැබෙති.
නිදුකාණන්වහන්ස, එපරිද්දෙන්ම නපුරු ගති ඇති රෞද්‍රවූ
එකට එක කරන්නාවූ අමනුස්සයෝ ඇත්තාහුය. ඒ අමනුස්සයෝ සතර මහ රජදරුවන්ගේ වචනය
නොපිළිගනිත්. සෙනෙවියන්ගේ වචනය නොපිළිගනිති. වහන්ස, ඒ මේ අමනුස්සයෝ රජදරුවන්ට අකීකරු වූවෝයයි
කියනුලැබෙත්. වහන්ස, යම් කිසි යක්ෂ, නාග, කුම්භාණ්ඩ, ගාන්ධර්ව යන මේ ගොත්වල පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් හෝ පොතකයෙක් හෝ
පොතිකාවක් හෝ මහාමාත්‍යයෙක් හෝ පිරිසෙහි වූවෙක් හෝ වැඩ කාරයෙක් හෝ නපුරු සිතින්,
භික්ෂුවක් හෝ භික්ෂුනියක් හෝ උපාසකයෙකු හෝ
උපාසිකාවක් හෝ පසු පස්සේ යන්නේ හෝ වේද ළඟ සිටින්නේ හෝ වේද, ළඟ හිඳින්නේ හෝ වේද එවිට, ‘’මේ තෙම අල්වන්නේය. මේ තෙම ඇඟට ගොඩ වන්නේය. මේ
තෙම පීඩා කරන්නේය. මේ තෙම හිංසා කරන්නේය’’, කියා ප්‍රධාන යක්ෂ සේනාවට අධිපතිවූ, මහා සේනාපතිවූ අයට මේ තැනැත්තා කරදර
කරනවා යයි ඝෝෂා කොට දැන්විය යුතුයි. ශබ්ද නගා කිය යුතුයි. මුරගා කිය යුතුයි. (මේ කියන්නේ දැනුම්දිය යුතුයි කියන එකයි )
ඒ කවර කෙනෙකුන්ට, කවර සෙනෙවිරත් කෙනෙකුන්ට, කවර මහ සෙනෙවිරත් කෙනෙකුන්ටද යත්? (මේ පහතින් කියන්නේ ඒ රාජ
නීතිය ක්‍රියාත්මක කිරීමට තැන් තැන් වල පත් කල විශේෂ යක්ඛ නියොජිත කණ්ඩායමයි.)
“ඉන්ද්‍රය, සොමය, වරුණය, භාරද්වාජය, ප්‍රජාපතීය, චන්දනය, කාමසෙට්ඨය, කිණ්ණුඝණ්ඩුය,
නිඝණ්ඩුය”
“පණාදය, ඔපමඤ්ඤය, දෙවසූතය, මාතලීය, චිත්‍රසෙනය, ගන්ධර්වය, නළය, රාජය, ජනෙසභය. සාතාගිරය, හෙමවතය, පුණ්ණකය, කර්තියය, ගුලය, සීවකය, මුචලින්දය, විශ්වාමිත්‍රය, යුගන්ධරය”
“ගොපාලය, සුප්පගෙධය, හිරිය, නෙත්තිය, මන්දිය, පඤ්චාලචණ්ඩය,
ආලවකය, පජ්ජුන්නය, සුමනය, සුමුඛය, දධීමුඛය, මනිමානීචරය, දීඝය (යන
යක්ෂ සෙනාධිපතීහුද) තවද, මොවුන් හා එක්වූ සෙරිස්සක නම් යක්ෂයෙක්ද, ඇත්තේය.”
‘’මේ තෙම මාව අල්වා ගන්නේය.
ඇඟට ගොඩ වන්නේය. පීඩා කරන්නේය. හිංසා
කරන්නේය’’, කියා
සේනාපතිවූ, මහා සේනාපතිවූ මේ යක්ෂයන්ට දැන් විය
යුත්තේය.
නිදුකාණන් වහන්ස, මේ ආටානාටිය ආරක්ෂාව භික්ෂූන්ගේද භික්ෂුනීන්ගේද උපාසකයන්ගේද
උපාසිකාවන්ගේද ආරක්ෂාව පිණිසද, නොවෙහෙසීම පිණිසද, සුවසේ විසීම පිණිසද පවත්නේය.
‘’වහන්ස, අපිට බොහෝ වැඩ කටයුතු තව ඇත්තම්හ. එබැවින් දැන්
අපි යම්හයි” මහරජ දරුවෝ භාග්‍යවතුන් වහන්සේට
දැන්වූවාහුය. එවිට බුදුන් වහන්සේ “වරම් රජදරුවෙනි, දැන් එයට කාලය බවයයි වදාළ සේක. ඊට පස්සේ සතර මහරජ දරුවෝ හුන් ආසනවලින්
නැගිට භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කොට
එතැනින් යන්නට ගියහ.
ඒ අනිකුත් යක්ෂයෝද, උන් ආසනවලින් නැගිට සමහර කෙනෙක් භාග්‍යවතුන්
වහන්සේට වැඳ එතැනින් යන්නට ගියහ.. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු
වූවාහුය, සතුටුවිය යුතුවූ සිහි කටයුතුවූ කථා
පවත්වා එතැනින් යන්නට ගියහ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කොට එතැනින්
යන්නට ගියහ.. ඇතැම් කෙනෙක් තමන්ගේ නාමගොත්‍ර විස්තර කියා එතැනින් යන්නට ගියහ..
සමහර කෙනෙක් කිසිවක් නොකියාම එතැනින් යන්නට ගියාහුය.
(ඔන්න ආටානාටියේ පළමු බණවර කොටස ඉවරයි. මෙතනින් කීවේ ලක්දිව සිටි
මහරජවරු 4 දෙනා ඇවිත් බුදුරජුන්
ඉදිරියේ තම රාජ බලය යොදවා, තම ජනතාවගෙන් බෞද්ධයින්ට වන කරදර නවත්වා දෙන බවට කල
ගිවිසුමක් ගැනයි. ඉතින් ඒ රජවරු මින් ඉදිරියට අපෙන් බෞද්ධයින්ට කරදර නොවන අයුරින් කටයුතු කරන්නට වගබලා ගන්නා බවට බුදුන්ට ප්‍රතිඥා
දී, බෞද්ධ ශ්‍රාවකයින්ටත් මේ පුවත දැනුම් දෙන්න කියා යන්නට
යනවා..
ඊට පසුව බුදු රජුන් පහුවදා තම සිව්වණක් පිරිස කැඳවා ඔවුන්ට මේ පුවත එලෙසින්ම දැනුම් දෙනවා. දෙවන
බණවරෙන් කියන්නේ එම දැනුම් දෙන ආකාරය ගැනයි..)
''ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රියගේ
ඇවෑමෙන් භික්ෂූන්ට කථාකළහ. “මහණෙනි, මේ ඉකුත් රාත්‍රියෙහි සතර මහ රජදරුවෝ
මහත්වූ සේනාවක් සමග අවුත් මේ පුවත දක්වනවා..
(මෙතනදී අර මුලින් කී
සියලුම විස්තරය සහිත පිරිත් ගාථා ටික දෙවන බණවරට ආටානාටිය සූත්‍රයේ ඇතුලත් කර
තිබෙනවා.. අන්තිමට බුදුරදුන්, මේ පිරිත ඉගෙන ගෙන තම ආරක්ෂාවට
භාවිතා කරන්න කියා භික්ෂූන්ට දන්වනවා..)
“මහණෙනි, ආටානාටිය නම් පිරිත උගනිව්. මහණෙනි, ආටානාටිය නම් පිරිත නිතර පුහුණු කරව්. මහණෙනි, ආටානාටිය නම් පිරිත සිත්හි ලා
දරාගනිව්. මහණෙනි, ආටානාටිය පිරිත වැඩදායක වන්නේය.
භික්ෂූන්ගේද භික්ෂුණීන්ගේද උපාසකයන්ගේද උපාසිකාවන්ගේද ආරක්ෂාව පිණිසද පීඩා නොවීම
පිණිසද සැපසේ වාසයකිරීම පිණිසද වන්නේය” යන මෙය භාග්‍යවතුන්වහන්සේ වදාළහ. සතුටු සිත් ඇත්තාවූ භික්ෂූහු ඒ භාග්‍යවතුන්
වහන්සේගේ දෙශනාවට විශෙෂයෙන් සතුටු වූවාහුය.
ඔන්න ඉතින් එහෙනම් ආටානාටිය සූත්‍රය
ඤාණාන්විතව අපි ඉගෙන ගත්තා.. එදායින් පස්සේ මේක භික්ෂු,
භික්ෂුනී,
උපාසක,
උපාසිකා
කියන සිව්වනක් පිරිසම ඉගෙන ගත්තා. ඉතින් මේ පිරිතට අයිති වෙන්නේ අර කියපු ගාතා ටික
තමයි. අනිත් ටික සූත්‍රයේ විස්තරයි.
දැන් ඊටපස්සේ බුද්ධ ශ්‍රාවකයින්ට භයක්
නෑ. කොහේ හරි ඉන්න වෙලාවක අර අමනුස්ස ගති ඇති කෙනෙක් කරදට කරන්න ආවොත් වෙසමුණි රජ්ජුරුවන්ගේ
ආඥාව වූ මේ පිරිත කියනවා.. එතකොට එයාල දන්නව මේ බුදුන්ගේ එක්කෙනෙක් කියල. ඉතින්
එයාල මග ඇරල යනව.. එහෙමත් නැතුව ඇඟටම මේ යක්කු එනවනම් ගිහින් අර පත් කරල හිටපු
නියෝජිතයෙකුට කිව්ව ගමන් හොඳ දඬුවම් තමයි හම්බ වෙන්නේ..
ඉතින් යක්කු දන්නව දැන් සෙල්ලම් දාන්න බෑ කියල.
මොකද ඊට කලින් මේ අමනුස්ස ගති තියෙන අය ටික
නිතරම හිරිහැර කරා මේ අහිංසක බොදුනුවන්ට. ඉතින් පැමිණිලි ගොඩාක් ගියා බුදුරජුන්
ලඟට. ඊට පස්සේ තමයි බුදු රජුන් මේ ‘පණිත’ සීයට කිව්වේ මේ ප්‍රශ්නේ විසඳන්න
කියල.. සීය කොහොමත් ඉතින් මුණුපුරාගෙ පැත්තට සහයෝගය දෙනවමනේ.. අනික සුමන සමන්
මාමත් එතන හිටියනේ.. කොහොමත් අර විශෙෂ 40 දෙනා අතරට සමන් මාමගේ නමත් ඇතුලත්.. ඒ
විතරක් නෙමේ ප්‍රජාපතී කෙනෙකුත් එතන එන්නවා.. ප්‍රජාපතී කියන්නේ යක්ක කෝලිය
වංශිකයින් බව සමහරු දන්නවනේ.. මහාමායා කියන්නෙත් ප්‍රජාපතී කෙනෙක් බව දැන් නුවණ
තියෙන අය දන්නව.. (ශාක්‍ය, කෝලීය හෙවත් සුර, අසුර දෙවංශයක දෙන්නෙකුට
දාව උපන් පින්වත් පුතා සිදුහත් කුමරා කියාත් ඔබ දන්නවා. එනිසානේ මේ දෙරටම බෙදීගිය
ජනයා එක්සේසත් කරන්න පුලුවන් වුනේ.)
ඒ විතරක්ද සාතාගිර,
හේමවත,
ආලවක
වගේ අපි දන්න යක්ක ඇමති වරුත් මේ 40 දෙනා අතර එතන ඉන්නවා.. මුචලින්ද වගේ නාග රජවරුත් ඉන්නවා.. ඉතින් මේ
මුචලින්ද නා රජුනේ බුදු වුන අලුත අර නොතෙමී ඉන්න
ආවාසෙකුත් හදල දුන්නේ. ඔය සමහර පන්සල් වල නාග දරන ගහගෙන පෙනේ පුප්පන් ඉන්න නයි පත
රූපයක් හදල තියෙන්නේ මේක තේරුම් ගන්න බැරුව බව දැන් ගොඩක් දෙනෙක් දන්නවනේ.. හරි
අපි ඒ කතා පැත්තකින් තියමුකො.
(යක්ෂ කියන්නේ යසස් යස ඉසුරු ඇසුරු කරමින් සිටි උසස් පිරිසක්. ආලවක, වෙසමුණි වගේ අය එහෙම අය තමයි. යසස් යස ඉසුරු විනාශ කරමින් ඛය කල හෙවත් කා දැමු අය යක්ඛ වුනා.. මේ දෙගොල්ලටම පොදුවේ යක්ක කියල කිව්වත් ඔතන උස් පහත් භේදයක් තියනවා.. මෙහි පහත් ගති ගුණ තිබුණ යක්ඛ අය තමයි බෞද්ධයින්ට හිරිහැර කලේ. ඔවුන්ව පාලනය කලේ යක්ෂ කියන ඉහල පාලකයින් විසිනුයි. සාතාගිර, හේමවත වගේ අයත් යක්ෂ අය.. ඔවුන් උසස්. ඔවුන් තමයි මරණින් පසු චාතුර්මහාරාජික හා තාවතිංශ දෙව්ලොව දෙකෙහි ඕපපාතිකව දෙවියන් ලෙස ඉපදෙන්නේ.. ඒ දෙදෙව් ලොවට අධිපති තමයි සක්‍ර කියන්නේ.. බෞතික ලෝකයේ සිටි සක්‍රයින් තමයි පණිත/ශුමණ/ සක්කස්සදේව/වෙසමුණි කියන්නේත්.. )
(යක්ෂ කියන්නේ යසස් යස ඉසුරු ඇසුරු කරමින් සිටි උසස් පිරිසක්. ආලවක, වෙසමුණි වගේ අය එහෙම අය තමයි. යසස් යස ඉසුරු විනාශ කරමින් ඛය කල හෙවත් කා දැමු අය යක්ඛ වුනා.. මේ දෙගොල්ලටම පොදුවේ යක්ක කියල කිව්වත් ඔතන උස් පහත් භේදයක් තියනවා.. මෙහි පහත් ගති ගුණ තිබුණ යක්ඛ අය තමයි බෞද්ධයින්ට හිරිහැර කලේ. ඔවුන්ව පාලනය කලේ යක්ෂ කියන ඉහල පාලකයින් විසිනුයි. සාතාගිර, හේමවත වගේ අයත් යක්ෂ අය.. ඔවුන් උසස්. ඔවුන් තමයි මරණින් පසු චාතුර්මහාරාජික හා තාවතිංශ දෙව්ලොව දෙකෙහි ඕපපාතිකව දෙවියන් ලෙස ඉපදෙන්නේ.. ඒ දෙදෙව් ලොවට අධිපති තමයි සක්‍ර කියන්නේ.. බෞතික ලෝකයේ සිටි සක්‍රයින් තමයි පණිත/ශුමණ/ සක්කස්සදේව/වෙසමුණි කියන්නේත්.. )
හොඳයි, එහෙනම් දැන් සමහරෙකුට සිතෙන්න පුලුවන්
මේ පිරිත එදා කීවේ එදා සිටි අනෙක් යක්ක, නාග ආදී ජාතිකයින්ගෙන් වන කරදර පීඩා
නැති කර ගන්න නම් අද පිරිත් ගෙවල් වල මේක කියන්නේ ඇයි කියලා..
ඒක මෙහෙමයි මුලින් වුනේ. එදා අද වගේ
පත්තර, රේඩියෝ, ටීවී ආදී දියුණු සංනිවේදන මාධ්‍ය
තිබුනෙත් නෑනේ. ඉතින් හැම යකෙකුටම මේ පණිවුඩේ එක රැයෙන් දැන ගන්න විදියක් නෑ. ඒ
වගේම මේක බෞද්ධ අයට පමණක් හම්බුනු විශේෂ වරප්‍රසාදයක්. ඉතින් බෞද්ධ ගෙවල් වල මේ
පිරිත අනෙක් අයට ඇහෙන්න ශබ්ද නගල කිව්වා.. එතකොට යක්කු දන්නවා මේක නම් බෞද්ධ අය
ඉන්න තැනක්, එනිසා මෙතන වැඩිය සෙල්ලම් දාන්න හොඳ නෑ. වැඩේ ගැස්සිලා මහ එක්කෙනාට
අහු වුනොත් බෙල්ල තමයි ගහල යන්නේ කියල. ඉතින් යක්කු, නාග, කුම්භාණ්ඩ ආදී ඔක්කොම අමනුස්ස අය හෙමීට
මාරු වෙලා යනවා..
ඔය ආකාරයට දිගටම දිගු කාලයක් යනකම් මේක
කියෙව්වා.. කල් යත්ම ටික ටික මේ අලුතින් එන යක්කු ආදිය ඔව ගනන් ගත්තේ නෑ. සමහර
යක්කු බුදු අණ තියා වෙසමුණි අණවත් ඇහුවේ නෑ.. ඊට පස්සේ ඉතින් විවිධ ආක්‍රමණ අරව
මේව හින්ඳ ජන සමාජ වෙනස් වුනා. මේක අපි හරයක් නැතුව, තේරුමක් හරියට දන්නේ නැතුව කොතෙක්
කාලයක් නම් පරිහරණය කලාද?
හොඳයි, දැන් සමහරෙකුට ප්‍රශ්නයක් එන්න
පුලුවන් මේ පිරිත කිව්වේ භෞතික ශරීර වලින් යුත් ජන කොටසකට නම් එය වැදගත් වන්නේ
ඔවුන්ට විතරක් ද කියල.. නෑ එහෙම නොවෙයි.. එදා කිව්වේ භෞතික ශරීර වලින් යුත් ජන
කොටසකට වුවත් මේ උතුම් පිරිත භෞතිකව ඝණ ශරීර හා අභෞතිකව සියුම් ශරීර වලින් යුත්
දෙකොටසටමයි වැදගත් වන්නේ.. අද කාලයේ සිටින බුදුමග අයටත්, අභෞතික සියුම් ශරීර වලින් යුත්
අමනුෂ්‍ය ආදීන්ගෙන් නිකුත් වන ද්වේෂ කිරණ මැඩ පවත්වා
ගැනීමටත් මෙය උපකාරී කර ගත හැකියි.. මොකද එදා යුගවල සිටි මනෝමය ශරීර ඇති අමනුෂ්‍ය
කොටස් වලට මේ පිරිතේ ශබ්ධ තරංග ග්‍රහණය වනවිට ඔවුන්ගෙන් පීඩා වෙනවනම් ඒවා අවම වී
මග හැරී යන්න පුලුවන්.. (ඒ ගැන වෙනම කතා කරමු)
කෙසේ
වෙතත් මෙහි හරයක්
හරියට වටහා නොගෙන කොතරම් රැ එලිවෙනකම් කිව්වත් ඉන් නියම වටිනා කමක් ගන්නට නම් බැහැ
කියලත් අපි තේරුම් ගන්න ඕනි.. මේ
කතාව හොඳින් කියවූ ඔබ මහත් පුණ්‍යවන්තයෙක් හැටියට මා දකිනවා.. ඔබ බොහෝ සෙයින්ම
සම්මා දිට්ටියේ ඉන්නා වටිනා කෙනෙක් විය යුතුයි..
යම්
කෙනෙකුට යම් සැකයක් හෝ දැනට තිබුණත් එය ඉදිරියටත් මධ්‍යස්ථ සිතින් තමන් විසින්ම
ව්මසීම් කරගෙන යාම තුලින් මිත්‍යාව දුරුවී ආලෝකයට අවතීර්ණ විමට හැකි වනු ඇත..
පුද්ගල නම්, ගම් ආදී
විස්තර වල නම් සමහර විට යම් යම් සුලු අඩුපාඩුකම් තිබෙන්නට පුලුවනි. එනමුත් ඒවා
පසුපසම නොයා මුඛ්‍ය ප්‍රස්තුතයම වටහා ගන්නට උත්සුක වෙමු..
මෙහි
යථා තත්වය පෙන්වා දීම තුලින් මා බලාපොරොත්තු වූයේ කාගේවත් සිතක් රිදවීමට නොවේ..
අපි කාලයක් තිස්සේ බොහෝ විශ්වාසයෙන් අදහනු ලැබූ ඇතැම් දේවල් වලට විරුද්ධ මතයක්
එකපාරට එනවිට එය සමහරුන්ගේ යටි සිතට දරාගත නොහැකිය.. එවිට කෝපයක්, ද්වේෂයක් ඇතිවීමද ස්වාභාවිකය..
එහෙත් මිත්‍යාව දුරැලීමට නම් අකමැත්තෙන් හෝ සත්‍යට මුහුණ දෙන්නටම වෙනවා.. එවිටයි
දෙලොව දියුණුවට මග සැලසෙන්නේ.. අපගේ සිත අපම රවටාගෙන කිසියම් ආශ්වාදයක් වින්ඳාට එය
නිෂ්ඵලමය..
සියලු දෙනාටම අඳුරෙන් මිදී
ආලෝකයට එන්නට ශක්තිය වාසනාව ලැබෙත්වා..
සම්මා
සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නාවූ ඕපපාතික උප්පත්ති දේවවූ සියලුම අල්පේ ශාක්‍ය, මහේශාක්‍ය සම්‍යග්දෘෂ්ටික දෙවි
දේවතාවුන් ද, චාතුර්මහාරාජික, තාවතිංශ කියන දෙදෙව්ලොව සිටින ලෝක
පාළකවූ සියලු දෙවිදේවතාවුන්ද මේ යටවූ සැබෑ සත්‍ය ලොවට පෙන්වාදීමෙන් ලැබුවාවූ පිං
අනුමෝදන්ව, තම තමන්ගේ
ආයුෂ වඩා වර්ධනය කරගෙන සැපතින් තවත් සැපතට පත්වෙත්වා.. එතුමන්ලාගේ නිවන් සැප
දැකීමටද එය උපකාරී කර ගනිත්වා..
බව නසන මග යන
සියලු බෞද්ධ ජනයා නිරතුරුව දෙන පිං අනුමෝදන් වන ඒ මේ සියලු දෙවිවරුන්ගේ
පිහිටාශීර්වාදයද, රැකවරණයද
නිරතුරුව මේ බොදුනුවන් වෙත ලබා දෙත්වා.. ඔවුන්ගේ මෙලොව හා පරලොව දියුණුවට හේතුවන
අයුරින් හැකි උපකාර කෙරෙත්වා..
සියලු දෙවියෝ
සම්බුදු සසුන රැකීමට උපකාර කෙරෙත්වා.. යටපත්ව පැවති හෙළ බුදුසසුන නැවත නගා
සිටුවීමට උපකාර කෙරෙත්වා.. ඒ සියලු සතුරු බලවේග මැඩපැවැත්විමට සහාය දක්වා තව තවත්
පිං රැස් කර ගනිත්වා..
ඔබ සියලු
දෙනාටම තෙරුවන් සරණ පිහිටත්වා... නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා...
- සුසිත් ආර්යරත්න